:: එරර් මැසේජ් තේරුම්ගෙන ඒවාට පිළියම් :::

01.පණිවිඩය
Non- system disk or disk error

එහි තේරුම
පරිගණකය මෙහෙයුම් පද්දතියෙන් නොව වෙනත් ඩිස්ක් එකකින් බුට් වීමට වෙර දැරීම

කලයුතුදේ
සීඩී හෝ ඩිවිඩි හෝ ඒවායේ ඩ්‍රයිව් වල අමතක වී තිබෙදි බැලීම



-------------------------------------------------------------------------------


02.පණිවිඩය
Missing operating system, Operating system not found

එහි තේරුම
පරිගණකය මෙහෙයුම් පද්දතිය හදුනා ගැනීමට නොහැකි වී තිබීම

කලයුතුදේ
CMOS සෙටප් වැඩසටහනේ හාඩ් ඩ්‍රයිව් සෙට්ටින්ග්ස් පරික්ෂ කොට ඒවා නියමිත පරිදි සකසන්න



-------------------------------------------------------------------------------



03.පණිවිඩය
Memory address error,Memory test fail, Memory parity error

එහි තේරුම
RAM ගැටළු තිබීම

කලයුතුදේ
මෙමරි මොඩියුල් ගලවා නැවත ඒවා නියමිත පරිදි සකසන්න



-------------------------------------------------------------------------------



04.පණිවිඩය
Primary hard disk fail, Hard disk drive failure, C: drive failure, Not reading drive C: , Fixed disk 0 failure.

එහි තේරුම
පද්දතිය දෘඩ තැටිය හදුනා ගැනීමට නොහැකි වී තිබීම

කලයුතුදේ
CMOS හි හාඩ් ඩ්‍රයිව් සෙට්ටින්ග්ස් පරික්ෂ කොට දෘඩ තැටියේ පවර් හා ඩේටා කේබල් සම්බන්දතා හරි හැටි පරික්ෂා කරන්න



-------------------------------------------------------------------------------



05.පණිවිඩය
KB/Interface error, Gate A20 failure, Keyboard error

එහි තේරුම
යතුරු පුවරුවේ දෝෂ

කලයුතුදේ
යතුරු පුවරුව ගලව නිසිපරදී නැවත සකසන්න යතුරු සිරවී දැයි හා එහි interface 1 බලන්න



-------------------------------------------------------------------------------



06.පණිවිඩය
CMOS battery state, Low system CMOS battery failure

එහි තේරුම
CMOS බැටරිය බසගොසිනි

කලයුතුදේ
එම බැටරිය අලුතින් යොදන්න



-------------------------------------------------------------------------------



07.පණිවිඩය
CMOS checksum error, CMOS checksum bad

එහි තේරුම
CMOS සෙට්ටින්ග් වල කල වෙනස්කම් පද්දතිය විසින් හදුනගේන තිබේ එසේම CMOS බැටරිය බසයාමද මිට හේතු වීමට පුළුවන්

කලයුතුදේ
 CMOS සෙටප් වැඩසටහන ක්‍රියාත්මක කොට වසාදැමීමට (closing) උත්සහ ගන්න නැත්නම් CMOS සෙට්ටින්ග්ස් පරික්ෂ කොට ඒවා නියමිත පරිදි සකසන්න.

Comments

  1. mgeth enwa,,eth dekstop awama sound wada na,restart karama sound wada,aye on karddi cmos setting wlta gihn time&date dila save krama sound wada eth aye on karddi checksum error enwane?new btry 2k dmmth ehmamai :(,kohamada progrmm eka close krnne?

    ReplyDelete

Post a Comment